HEADING SINHALA 2

ggg
මූලික ක්‍රිස්තියානි ඉගැන්වීම්

(සැක්පූනන්)

(Basic Christian Teachings by Zac Poonen)

1.   නපුරේ ආරම්භය -  (The Origin of Evil)

           මනුෂ්‍යයන් විසින් අවබෝධ කර ගැනීමට බොහෝ සෙයින් වෙරදැරුවාවූ ලොව පවතින එක් අභිරහසක් වන නපුර පිළිබඳ අභිරහස ගැන අප සලකා බලමු. ප්‍රඥාවෙන් පූර්ණවු, සර්වසම්පූර්ණයෙන්ම යහපත්වූ දෙවිඳුන් අතින් මවන ලද ලෝකය තුළ නපුර ආරම්භ වූයේ කෙසේද? නපුරේ පැවැත්මට මෙන්ම එය මෙතරම් පැතිර යෑමට දෙවියන් වහන්සේ ඉඩ හැර තිඛෙන්නේ මක්නිසාද? ලොව සෑම තැනකම නපුර රජ කරන්නේ ඇයි? මෙතරම් රෝග, දිළිඳුකම හා දුක පවතින්නේ ඇයි? අපහට පිහිට වන්නට දෙවියන් වහන්සේට අවශ්‍යථාවයක් නැද්ද?

            නපුරේ පැවැත්මට දෙවියන් වහන්සේ ඉඩ හැරියේ ඇයි යන ප්‍රශ්නයට පිලිතුරක් ඇත. දෙවියන් වහන්සේට එය පාලනය කර ගැනීමට බැරි නිසාද නපුර පවතින්නේ? ලෝකයේ විවිධ ප්‍රදේශවල මනුෂ්‍යයන් නානාප්‍රකාර මාර්ග වලින් දුක්විදීම දැකීමෙන් නිතරම අපගේ හදවත් ශෝකයට පත් වන්නේය. එසේ නම් අනුකම්පාවෙන් පූර්ණවූ දෙවියන් වහන්සේගේ හදවත කෙතරම් ශෝකයට පත්නොවන්නේද?

            අපගේ මානුෂික තර්කයට දෙවියන් වහන්සේ සැබවින්ම කෙබඳු කෙනෙකුද යන්න හෙලි කළ නොහැකි බව, තව ඉදිරියට යෑමට කලින් අප තේරුම් ගත යුතු වෙමුව. සුනඛයෙකුට වඩා මනුෂ්‍යයා මැවිල්ල තුළ ඉහළ මට්ටමක පවතින බැවින් සුනඛයා හට මනුෂ්‍යයෙකුව තේරුම් ගැනීමට නොහැකිය. එයාකාරයෙන්ම අපටද දෙවියන් වහන්සේව තේරුම් ගැනීමට බැරිය. සුනඛයෙකුට මනුෂ්‍යයෙකුව තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සුනඛයාට මනුෂ්‍යයා විසින්ම මනුෂ්‍ය විධානයන් ඉගැන්විය යුතු වන්නේය. මෙලෙසම අපි, දෙවියන් වහන්සේව තේරුම් ගැනීමට අපේම බුද්ධිය පාවිච්චි කරන්නේ නම් එය සුනඛයෙකු මනුෂ්‍යයෙකුව තේරුම් ගැනීමට උත්සාහ කරන්නාක්මෙන්ම අඥාන ක්‍රියාවකි. එය කළ නොහැකිය. ඒ වෙනුවට අප කළ යුත්තේ දෙවියන් වහන්සේටම උන්වහන්සේව අපහට එළිදරව් කිරීමට ඉඩ හැරීමය. බයිබලය තුළ අප කියවන්නේ එයමය. බයිබලය තුළ දෙවියන් වහන්සේ උන්වහන්සේව අපහට එළිදරව් කර ඇත්තේය. පොළොව මතුපිට වසන සෑම මනුෂ්‍යයෙකු සමඟම පුද්ගලීක සම්බන්ධතාවයක් පැවැත්වීමට කැමතිව සිටින්නාවූ දෙවි කෙනෙකු ගැන බයිබලයේ අපි කියවන්නමුව. උන්වහන්සේ, අපේ ජීවිතයේ සෑම කුඩා විස්තරයක් ගැනම අධිකතරව, දැඩි සැළකිල්ලක් දක්වන සේක. දෙවියන් වහන්සේ ප්‍රඥාවෙන් පූර්ණය. උන්වහන්සේ සර්වබලධාරී, සර්වඥයවු දෙවිඳුන්ය. උන්වහන්සේට අනාගතය පවා දන්නා අතර මේ පොළොවේ පමණක් නොව මිලියන ගණන් තාරකාවන්ගෙන් සමන්විත මේ මුළු විශ්වය කෙරෙහිම සම්පූර්ණ පාලනය ඇත්තේය. දෙවියන් වහන්සේ අපරිමිතව පවිත්‍රව සිටින අතර අපහට උන්වහන්සේගේ පවිත්‍රතාවය තේරුම් ගැනීමට පවා නොහැකිය. උන්වහන්සේ අපරිමිතව ප්‍රේමනීයය. ප්‍රේමයෙන් පූර්ණය. යහපතින් පූර්ණය. උන්වහන්සේගේ ප්‍රේමය ආත්මාර්ථකාමී නොවන්නේය. බොහෝ විට පොළොව මතුපිට අප දකින්නාවූ ප්‍රේමය ආත්මාර්ථකාමී වන නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය කිසිසේත් ආත්මාර්ථකාමී නොවන්නේය. උන්වහන්සේ මනුෂ්‍යයාව මැවූදාපටන්ම, උන්වහන්සේගේ සතුට සහ ප්‍රීතිය අන් අය සමඟ සහ අප සමඟ බෙදාගැනීමට උන්වහන්සේට අවශ්‍ය විය. ජීවමාන සත්වයන්ව මවනු ලැබුවේ මේ උදෙසාමය. මනුෂ්‍යයා සහ මනුෂ්‍ය වර්ගයා මැවීමට කලින් කෝටි ගණන් දේව දූතයන් මැවූ බව බයිබලයේ සඳහන් වන්නේය. එහිදීද උන්වහන්සේට අවශ්‍ය වුනේ තම සතුට සහ මහිමය ඔවුන් සමඟ බෙදාගැනීමය. දේවදූතයන් සහ මනුෂ්‍ය වර්ගයාගේ මැවීම ගැන සලකා බලන විට, දෙවියන් වහන්සේ ඔවුන් හට තමන්වහන්සේට කීකරුවීම හෝ කීකරු නොවීම තේරීමේ නිදහස සතුව මවනු ලැබූ සේක. ග්‍රහලෝකවලට, තාරකාවලට, පැලෑටි සහ ශාකවලට මෙම තේරීමේ නිදහසක් නොමැත. පැලෑටි වර්ධනය වන අතර ස්වභාවයෙන්ම, දෙවිඳුන්, ස්වභාව ධර්මය තුළ ඔවුන් හට දී තිඛෙන්නාවූ න්‍යායන්ට කීකරු වන්නේය. ඒවාට කීකරු නොවන්නට නිදහසක් ඔවුන් හට නැත්තේය. තාරකා හෝ ග්‍රහලෝක හෝ ශාක හෝ පැලෑටි වලට කිසිම විටකවත් නපුරු වීමට හැකියාවක් නොමැති වීමට හේතුව වන්නේ ඔවුන් හට තේරීමේ නිදහස නොමැති වීමය. ඒවාගේම පැලෑටි සහ ශාක, දෙවියන් වහන්සේ ඒවා අපහට යහපත වන පිර්‍ණස මවන ලද බැවින්, අපහට බොහෝ යහපත ඉෂ්ඨ කළද, ඔවුන්ගේම ස්වේච්ඡාවෙන් කිසි යහපතක් ඔවුන් හට කළ නොහැක. ග්‍රහලෝකයකට තාරකාවකට, පැලෑටියකට හෝ ශාකයකට තමුන්ගේම තේරීමෙන් කිසි යහපතක් කළ නොහැකිය. එබැවින්, කිසි තෝරාගැනීමේ බලයක් නොමැති මැවිල්ලේ කලාවන් වන ග්‍රහලෝක, තාරකා, ශාක සහ පැලෑටීන් හට යහපත හෝ නපුර කිරීමේ හැකියාවක් නැති බවට අපට නිගමනය කළ හැක. ඒවා පරිගණක රොබෝව මෙනි. නිවසේ ඔබහට පරිගණක රොබෝවක් තිබේ නම්, ඔබගේ පාවහන් ළඟට ගෙන්වා ගන්නට වැනි බොහෝ දේ කරව ගත හැක. ප්‍රවෘත්ති පත්තරය ඔබ අතට ගෙනැවිත් දෙන්නේය. සමහර විට කෝපි කෝප්පයක්ද ඔබ හට සාදාදෙන්නේය. රොබෝව ට කරන පිර්‍ණස විවිධ දේ ඔබ හට සැලසුම් කළ හැකිය. නමුත් රොබෝව ට ඔහුගේම කියා කිසි හැඟීම් නොමැත්තේය. නිවැරදිව සැලසුම් කළේ නම් එය ඔබ හට කිසි විටෙකත් අකීකරු නොවන්නේය. ඔබ හට එය කර දෙනවාට ඔබ කැමති වන්නාවූ සියලූ දෙයක්ම කර දෙන්නේය.

             මනුෂ්‍යයාව මෙවැනි රොබෝවක් ලෙස මැවීමට දෙවියන් වහන්සේට හැකියාව තිබුර්‍ණ. එවිට අපි කිසි විටෙකත් වරදක් නොකර ඉබේම, අන්ධව, නිශ්ශබ්දව දෙවියන් වහන්සේට කීකරු වන්නට ගියා. නමුත් දෙවියන් වහන්සේට කිසි විටෙකත් එවැනි මනුෂ්‍ය ජාතියක් අවශ්‍ය වූයේ නැත. කිසි කලකත් ඔවුන් හට දෙවියන් වහන්සේගේ දරුවන් වන්නට නුපුළුවන. රොබෝවන් අපට කීකරු වුනත් කිසි කලෙකත් ඒවාට අපේ දරුවන් වන්නට බැරිය. කීකරුවූ රොබෝ කෙනෙකුට වඩා දඟකාර අකීකරුවූ මගේම දරුවකු මට හොඳ යැයි ඕනෑම පියෙකු කියන්නේය. දෙවියන් වහන්සේ හා සමඟද එය එසේමය. දරුවන් නැති යුවලකට රොබෝ යන්ත්‍රයක් කිසි සතුටක් ගෙනෙන්නේ නැති බව ඔබ දන්නෙහිද? කීකරුවූ රොබෝ යන්ත්‍රයකට වඩා අකීකරුවූ පුත්‍රයෙකු ඇතිව සිටීමට මනුෂ්‍ය පියෙකු කැමැත්තෙන් සිටින්නේ ඇයි කියා ඔබ දන්නෙහිද? මන්දයත් අපව දෙවියන් වහන්සේගේ ස්වරූපයෙනි මවා තිඛෙන්නේ. අප තුළ දෙවියන් වහන්සේගේ යම් ස්වභාවයක් ඇත්තේය. විවාහක යුවලක් දරුවන් ලබාගැනීමට ආශාවෙති. ඔවුන් ආශාවන්නේ කීකරුවූ රොබෝ යන්ත්‍රවලට නොව දරුවන්ටය. එහිදී අපි දෙවියන් වහන්සේගේ හදවත දකිමුව. දෙවියන් වහන්සේ ආශාවන්නේ දරුවන්ට ය. අපගේ දරුවන් යම් දිනයක අකීකරු දරුවන් හැටියට වෙනස් වී අපගේ හදවතට මහත් ශෝකයක් ගෙන දෙන්නට පුළුවනි. එහිදී තාරකාවන් හා ග්‍රහලෝක මෙන් නොව නිදහස් කැමැත්තක් සහිතව දේවදූතයන් හා මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ මැව්වේ මන්දැයි අපි තේරුම් ගනිමුව. අප තේරුම් ගත යුතු පළමු දෙය මෙයයි. එනම් අප හට සදාචාරාත්මක පුද්ගලයෙකු වීමට නම් පළමු අත්‍යවශ්‍ය කාරනාව වන්නේ නිදහස් කැමැත්තයි. ඉතින් අප හට නිදහස් කැමැත්ත නැත්තේ නම්, අප හට සදාචාරාත්මක පුද්ගලයන් වීමට නොහැකිය. එලෙසම දෙවනුවට අත්‍යාවශ්‍ය​ කාරනය නම් හෘද සාක්‍ෂියයි. එනම් අප තුළම අප හට හරිවූ සහ වැරදිවූ දේ හඟවා දීමය.    

අප කුරුල්ලන් සහ සත්වයන් ගැන සලකා බලමු. ඔවුන් හටද ශාක සහ තාරකාවන්ට වඩා තේරීමේ හැකියාව ඇති ඔවුන් හටද නිදහස් කැමැත්තක් ඇත්තේය. බල්ලෙකුට කීකරු වීම හෝ අකීකරු වීම තේරීමේ නිදහස ඇත. නමුත් ඔහුට සදාචාරිකවූ පුද්ගලයෙකු වීමට නොහැකිය. හෘද සාක්‍ෂියක් ඔවුන් තුළ නොමැතිකම නිසා යුක්තිය ධර්මය පිළිබඳව දැනීමක් සත්වයින් හට නැත. ඔවුන්ට නිදහස් කැමැත්තක් තිබුනද හෘද සාක්‍ෂියක් නොමැත. නමුත් මනුෂ්‍යයන් වන අප හට යුක්තිය සහ ධර්මය උදෙසා අත්‍යාවශ්‍ය කාරනා දෙකම ඇත්තේය. එනම් අප හට නිදහස් කැමැත්ත සහ හෘද සාක්‍ෂිය යන දෙකම ඇත්තේය. කුරුල්ලන්ට සහ සත්වයන්ට කිසිම විටෙකවත් පාපිෂ්ඨ වීමට හෝ ශුද්ධවන්ත වීමට හෝ දේව දරුවන් වීමට හැකියාවක් නැතිවීමට ප්‍රධාන හේතුව වන්නේ මේ අත්‍යාවශ්‍ය කාරනා දෙකේ හිඟකමය. හෘද සාක්‍ෂියක් නොමැති කම නිසා බල්ලෙකුට දේව දරුවකු වීමට නොහැකිය. බල්ලෙකු ඌ කළ යුතු යම් යම් දේවල් හෝ නොකළ යුතු දේවල්, එක්තරා කාලයක් තුළදී පුහුණු කිරීමට ඔබට හැකි වන්නේය. නමුත් එහි ප්‍රථීඵලයක් සේ කීකරුකම පැමිණෙන්නේ ඌ තුළ ඇතුලාන්තයේම ගොඩ නැගුනාවූ හෘද සාක්‍ෂියක් කරන කොට ගෙන නොව ඌ හට බාහිරයෙන් කළාවූ පුහුණු කිරීම කරන කොට ගෙනය. මෙම පුහුණු කිරීම පරිඝනකයකට යම් යම් කාරනා කරන පිර්‍ණස වැඩ සටහන් සම්පාදනය කිරීම හා සමානය.  

නමුත් අපි මනුෂ්‍ය වර්ගයා ගැන සලකන විට අපට හෘද සාක්‍ෂියක් ඇත්තේය. මනුෂ්‍ය වර්ගයාව මැවීමට කලින් දෙවියන් වහන්සේ සියළුම දේව දූතයන් සෑදූ සේක. ඒමිලියන ගණන් දේව දූතයන්ව ස්ව කැමැත්ත සහිතව සෑදූ සේක. සියළුම දේව දූතයන් අතරින් එක් දේව දූතයෙකු නායකයා ලෙස සිටි අතර ඔහුගේ නම වූයේ ලූසිෆර්ය. එසකියෙල් 28 : 12 ‐ 15 හි බයිබලය පවසන්නේ ඔහුව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව මවන ලද අතර ඉතා උසස් ස්ථානයක්ද ඔහුට දෙනු ලැබූ බවය. නමුත් ක්‍රමානුකූලව ඔහුගේ සිත තුළ අයහපත් වූ සිතුවිලි හා අභිලාෂයන් ගොඩ නැගුනේය. මෙලෙස වූයේ කෙසේද? මන්දයත් ඔහු හට නිදහස් කැමැත්ත දී තිබුර්‍ණ. එම නිසා විශ්වයේ පළමු වතාවට නපුර බිහිවූයේ මෙතැනදීය. 

               ලූසිෆර් ගේ සිතුවිලි නපුරු වූවා පමණක් නොව ඒවා උඩගු සිතුවිලි වූ අතර, දෙවියන් වහන්සේ විසින් ඔහු හට දෙනු ලැබූ කොටස ගැන සෑහීමකට පත්නොවූ කැරලිකාර සිතුවිලිද විය. මේ වන තාක් කල් විශ්වයම පවිත්‍රව තිබුණු නමුත් දැන් දෙවියන් වහන්සේ විසින් මවන ලද දේව දූතයෙකුගේ හදවතේ නපුර ඉස්මතු වූයේය. ලොවට නපුර බිහිවූයේ මෙයාකාරයෙනි. ආරම්භයේදී, දේව දූතයා වූ ලූසිෆර්ගේ හදවතේ තිබූ මෙම නපුර බාහිරයට කිසිසේත්ම ප්‍රකාශ නොවිනි. නපුර සැම විටම ආරම්භවන්නේ හදවත තුළය. මිනි මැරීමක් පවා මනුෂ්‍යයෙකුගේ හදවතේ සැලසුම් වී පසුව එය හදවතින් ක්‍රියාවට නගන්නේය. ලූසිෆර් හටද එය එසේම සිදු විය. නමුත් මෙම නපුර ලූසිෆර්ගේ හදවත තුළ ගොඩ නැගුනු විගසම දෙවියන් වහන්සේට එය දැක ගැනීමට හැකි විය. පුද්ගලයෙකුගේ හදවත දැකීමට දෙවියන් වහන්සේට හැකිය. ඉතින් දෙවියන් වහන්සේ ලූසිෆර් ව උන්වහන්සේගේ අභිමූඛයෙන් නෙරපා දැමූ සේක. එහිදී අපි යම් දෙයක් ඉගෙන ගනිමුව. එනම් දෙවියන් වහන්සේ නපුර ද්වේශ කරන බව ඉගෙන ගනිමුව. නමුත් අධ්‍යාත්මික ජීවියෙකු මවන ලද විට ඒඅධ්‍යාත්මික ජීවියා හට නිදහස් කැමැත්තක් දීමට දෙවියන් වහන්සේට සිදු විය. නපුරේ පටන්ගැන්ම මෙතැනය.            

නමුත් දෙවියන් වහන්සේ, ස්වාමිවූ යේසුස් වහන්සේ කරන කොට ගෙන මෙයට පිලියමක් සලසන ලදි. වඩා සවිස්තරාත්මකව අප ඒගැන සලකා බැලිය යුත්තෙමුව. නපුර දෙවියන් වහන්සේගේ පාලනයෙන් පිටස්තරවූ දෙයක් නොවන බව අප මතක තබා ගනිමු. නපුර පැමිණෙන බව දෙවියන් වහන්සේ දැනගෙන සිටිය නමුත් උන්වහන්සේ එයට ඉඩ හැරියසේක, පිලිගත්සේක, එලෙසම උන්වහන්සේ එයට විසඳුමක් ද සලසා දුන්සේක. ඒවිසඳුම යේසුස් වහන්සේ තුළ ඇත්තේය.